ආසියානු කලාපයේ සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි සහභාගීත්වයෙන් නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය (Asian Electoral Stakeholder Forum) විසින් එහි සිව්වන සමුළුව අගෝස්තු 27 හා 28 දිනයන්හීදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීය.
ආසියානු කලාපයේ රටවල්වල පවත්වනු ලබන මැතිවරණයන්හි අවම ප්‍රමිතිය පවත්වාගැනීම වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානම ආයතනය ලෙස නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය හඳුන්වාදිය හැකිය.
2012 වසරේදී තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වු නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ (Asian Electoral Stakeholder Forum) පළමු සමුලුවේදී බැංකොක් ප්රකාශනය එළිදැක්වු අතර 2015 වසරේදී ටිමොර් ලෙස්තේ රාජ්‍යයේදී ද දෙවන සමුළුව 2016 වසරේදී ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ද තෙවන සමුලුව පැවැත්වූ අතර සිව්වන සමුලුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එහිදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින් තිදෙනා එකඟ විය.
නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ සිව්වන (Asian Electoral Stakeholder Forum IV) සමුළු සඳහා රටවල් 47 ක් නියෝජනය කරමින් 250 ක පමණ පිරිසක් සහභාගී විය.
මෙම සමුලුවේ අරමුණ කලාපය තුළ මැතිවරණ පැවැත්වීමේ දී ප්රජාතන්ත්රවාදයේ ප්‍රවර්ධන හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ආසියාව තුළ හා ඉන් ඔබ්බෙහි ද ක්‍රියාකාරි පාර්ශ්වකරුවන්ට බලපෑම් ඇති කළ හැකි අන්දමේ පොදු එකඟතාවලින් සමන්විත සම්මුතියක් සම්මත කර ගැනීමයි වන අතර සමුලුව අවසානයේදී කොළඹ ප්රකාශනයට අත්සන් තැබීය.