මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO
නවතම තොරතුරු: පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05

නිතර අසන ප්‍රශ්න: ඡන්දදායකයන් උදෙසා

පිළිතුර

ඡන්දහිමි නාමලේඛනය මුල් අවස්ථා වලදී සකස් කර ඇත්තේ මැතිවරණ කොට්ඨාස සීමා කිරීමට, සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් නිර්දේශ කළ විට පමණි. එනමුත් 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ ඇති විධිවිධාන අනුව, එය සෑම අවුරුද්දකම ජුනි මස 01 වැනි දින ආරම්භ කෙරේ. වාර්ෂිකව සිදුකෙරෙන ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය යටතේ පදිංචිකරුවන් සිටින සෑම නිවසකටම නම් ගණන් ගැනීමේ (BC)ආකෘතියක් ජූනි/ ජූලි මාස වලදී බෙදා දෙනු ලැබේ. මෙම කාර්යය සිදුකරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ග්‍රාම නිලධාරීන් මගිනි. නමුත් අධික ජනගහණයක් ඇති කොළඹ හා දෙහිවල-ගල්කිස්ස මහනගර සභා ප්‍රදේශවල සහ මීගමුව මහ නගර සභාවේ සමහර ප්‍රදේශවල මෙම කාර්යය විශේෂ ගණන් ගන්නා නිලධාරීන් මගින් සිදු කරනු ලැබේ. ගෘහ මූලිකයා විසින් සම්පූර්ණ කරන ලද ගණන් ගැනීමේ ආකෘතිය ගණන් ගන්නා නිලධාරීන් විසින් එකතු කර, සෑම නමක්ම පරීක්ෂා කර බලා තම නිර්දේශය සටහන් කොට අවශ්‍ය කටයුතු කර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාර දෙනු ලැබේ. ඉන් පසු මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ලියවිලි පරීක්ෂා කර, එක් එක් නිවසේ වත්මන් නාම‍ලේඛනයේ තිබී ඉවත් කරනු ලබන නම් ලැයිස්තුවක් "අ" ලේඛනය (A List) සහ අළුතින් ඇතුළුවන නම් අඩංගු ලැයිස්තුවක් "ආ" ලේඛනය (B List) සකස් කර එය දින 28 ක් තුල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරී කාර්යාලය, පළාත් පාලන ආයතන කාර්යාලය ආදී ස්ථානවල මහජනයාගේ පරීක්ෂාව සඳහා ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස දින 28 ක් තුළ සිදු කරනු ලබයි. ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුල් කිරීම සඳහා නම් ගණන් නොගෙන ඇති අයකුට අයිතිවාසිකම් හෝ ගණන් ගෙන ඇති පුද්ගලයෙකුට විරුද්ධව විරෝධතා එම දින 28 තුළදී දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරීමේ නිලධාරී (දිස්ත්‍රික් ලේකම්) ට හෝ සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරී (ජ්‍යෙෂ්ඨ සහකාර/ නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්) ට ඉදිරිපත් කළ හැක. ඉන්පසු අයිතිවාසිකම් සහ විරෝධතාවයන් පිළිබඳව පරීක්ෂණ පවත්වා තීරණ ගෙන, ඉන් පසුව නාමලේඛනය පරිගණක ගත කර, ඊළඟ වර්ෂයේ මැයි 31 හෝ ඊට පෙර සහතික කරනු ලැබේ.

2012 වර්ෂයේ සිට ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීම අදාළ වර්ෂය තුලදීම සිදු කරනු ලැබේ.

පිළිතුර

ඡන්දහිමි නාමලේඛනයට කෙනෙකුගේ නමක් ඇතුල් කරවා ගැනීම සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් මෙන්ම ව්‍යවස්ථාපිත සුදුසුකම් තිබිය යුතුය.

i.   ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
ii.  ජූනි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම
iii. ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ස්ථානයේ සාමාන්‍ය පදිංචිය තිබීම
iv.  සිහිවිකල් බවට අධිකරණයක තීරණය වී නොතිබීම
v.   අවුරුදු 2 ක සිරගත වීමට නියම වන වරදකට, වරදකරු වී මාස 06 ක් හෝ ඊට වැඩි කාලයක් සිරගත වී සිටීම හෝ සිරගත වී සහ ඉන්පසු අවුරුදු 7ක කාලයක්  ගතවී තිබීම
vi.  අල්ලස් චෝදනාවකට වරදකරු වී අවුරුදු 7ක කාලයක් ගත වී තිබීම
vii. ප්‍රජා අශක්නුතාවකව යටත්වී කාලසීමාව අවසන්ව තිබීම     

මීට අමතරව මැතිවරණ නීති උල්ලංගණය කිරීම, මහජන ආයතන (දූෂණ වැළැක්වීමේ )ආඥාපනත යටතේ වරදකරු වී සිටීම, මැතිවරණ වලදී දූෂණ ක්‍රියා, නීති  විරෝධී ක්‍රියා ආදියට වරදකරු වී තිබීම ආදී වශයෙන් තවත් නුසුදුසුකම් ඇත.

හිමිකම් පරීක්ෂණයකින් පසුව යමෙකුගේ නමක් ඡන්දහිමි නාමලේඛනයට ඇතුලත් කර නොතිබේනම් ලියාපදිංචි කිරීමේ නිලධාරීගේ තීරණයට විරුද්ධව අභියාචනයක් දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ.

නැත. සෑම අවුරුද්දකම ඡන්ද හිමියන් ගණන් ගන්නා අවස්ථාවේදී කෙනෙකුගේ නම, පදිංචි නිවහන යටතේ ගණන් ගැනීම අනිවාර්යය. නොඑසේනම්, ලැයිස්තුවෙන් නම ඉවත් වනු ඇත.

පිළිතුර

ඔව්. තමාගේ නම සඳහන් නිවසේ උපුටනයක් ලබා ගත හැකියි. ඒ සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් ඉල්ලුම්පතක් සමඟ රුපියල් 80.00 ක්ද, එසේ උපුටන ඉල්ලීමට අදාළ වන ලිපි ලේඛන ද ඉදිරිපත් කළ යුතුයි. කෙසේ නමුදු, දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඡන්දහිමි නාමලේඛනය ඇති බැවින්, තමාගේ නම ඇතුලත් මුද්‍රිත පිටපතක් (PRINT OUT)ලබා ගත හැක.

පිළිතුර

නැත. මක්නිසාද යත් දැන් දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සඳහා නාමලේඛනයේ උපුටන අවශ්‍ය නොවන බැවිනි. එසේ වුවත් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීම පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හා ග්‍රාම නිලධාරීන් වෙතින් ලබාගෙන අදාළ පාසල් වලට ඉදිරිපත් කල හැකි අතර ඒ ඒ පාසල්වල ප්‍රධානීන් විසින් ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කරනු ඇත.

පිළිතුර

නොහැක. එය වරදකි. එසේ වුවත් යම් අයෙකුට ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ඇති ලිපින එකකට වඩා තිබිය හැකි අතර ලියාපදිංචි විය හැක්කේ ඉන් එක ලිපිනයක පමණි.

පිළිතුර

ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වීම සඳහා පදිංචිය තිබීම අත්‍යවශ්‍යය. එබැවින් අයිතිය තිබූ පමණින් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි විය නොහැක. අදාළ නිවසම කුලියට දී ඇත්නම් අයිතිකරුට එකී ලිපිනය යටතේ ඡන්දහිමි නාමලේඛනයේ ඡන්දයට ලියාපදිංචි විය නොහැක.  

පිළිතුර

අදාල වර්ෂයේ ජූනි මස 01 දින පදිංචිව සිටි ස්ථානයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීමට කුලී නිවැසියන්ට සම්පූර්ණ අයිතිය තිබේ. එයට බාධා කිරීමට කිසිවකුට නොහැකිය. එවැනි අවස්ථා සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලය වහාම දැනුවත් කිරීම අවශ්‍යයි.

පිළිතුර

ඡන්දහිමි නාමලේඛනයට අලුතින් ඇතුලත් වන හා ඉවත් කෙරෙන නම් ප්‍රදර්ශනය කෙරෙන කාලයේදී, සාමාන්‍යයෙන් සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී ග්‍රාමනිලධාරී කාර්යාලවල, පළාත්පාලන ආයතනවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා මැතිවරණ කාර්යාලවල වලංගු නාමලේඛනයෙන් ඉවත් කරන හා ඇතුලත් කරන නම් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම එම කාලය තුල අන්තර්ජාලය හරහා නාමලේඛනයේ කෙටුම්පත ප්‍රදර්ශනය කෙරේ. ඡන්ද විමසීම් කාලය තුලදී වෙබ් අඩවිය හරහා මෙන්ම ජාතික තොරතුරු කේන්ද්‍රයෙන්ද (1919) හෝ Tell Commissioner – මෙන්ම ෆේස් බුක් හරහා තොරතුරු ලබාගත හැකිය.

පිළිතුර

අනිවාර්යය නැත. නමුත්, කෙනෙකුගේ ඡන්දය භාවිතා කිරීමට අමතරව වෙනත් රජයේ අවශ්‍යතාවන් සඳහා නාමලේඛනයේ නම තිබීම ප්‍රයෝජනවත් වේ.

පිළිතුර

හැකියාවක් ඇත. ඡන්ද හිමියන් ගණන් ගැනීමේ අවස්ථාවෙන් පසුව එම වර්ෂයේ සැප්තැම්බර්/ ඔක්තෝබර් මාස වල පැවැත්වෙන අභියාචනා කාල සීමාවේදී ඉල්ලුම් කිරීමෙන් නම ලියාපදිංචි කරගත හැකියි.

පිළිතුර

නැත. ලිඛිතව බලය පවරන ලද නියෝජිතයකුට ඒ සඳහා සහභාගි විය හැකිය.

පිළිතුර

සෑම අවුරුද්දකම ජූනි මස 01 දින

පිළිතුර

ඔව්. මෙය කළ යුත්තේ වාර්ෂිකව සැප්තැම්බර්/ ඔක්තෝබර් මාස වලදී "අ" (A)සහ "ආ" (B) ලැයිස්තු ප්‍රදර්ශනය කරනු ලබන දින 28 කාල සීමාවේදීය.

පිළිතුර

ඔව්. තමා විදේශගත වන විට පදිංචිව සිටි ලිපිනය යටතේ වාර්ෂිකව ලියාපදිංචි වීමට කටයුතු කළ හැකිය. විදේශගත ලිපිනය සහ ගමන් බලපත්‍රයේ අංකය ගණන් ගැනීමේ ආකෘතියේ සටහන් කළ යුතුය.

පිළිතුර

ඔව්, ඔබගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කර නොමැති විටක සෑම වසරකම සැප්තැම්බර්/ ඔක්තෝබර් මාසවල පැවැත්වෙන අභියාචනා භාර ගන්නා අවස්ථාවේදී ඔබට හිමිකම් ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය. පදිංචියක් නොමැතිව කිසිවෙකුගේ නමක් ලියාපදිංචියට නිර්දේශකර ඇතිනම් ඊට විරුද්ධව විරෝධතාවකින්ද ඉදිරිපත් කළ හැකිය. එවැනි ඉල්ලීම් හා විරෝධතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණයේදී ද ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත් සහ ඒ බව ඔබ වෙත දැනුම් දීමෙන් පසුව දින 10 ක් තුළ අදාල දිසා අධිකරණයේ නඩුවක් පැවරිය හැකිය. විරෝධතා පරීක්ෂණයකදී විරෝධතාව පිළිගෙන නමක් ඉවත් කළහොත් නම ඉවත් කරනු ලැබූ තැනැත්තාටද නීතියේ පිහිට පැතිය හැකිය.