මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

 

මැතිවරණ කොමිෂන් සභාව සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් සුදුසු සාමාජිකයන්ගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලදුව 2015 නොවැම්බර් මස 13 දින මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන ලදි.

මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය අනුව යමින් රටේ ජනතාවට තම රටේ පාලන තන්ත්‍රයට සහභාගීවීමේ අවස්ථා සැලසීමේ අවශ්‍යතාව සලකා බැලූ මැතිවරණ කොමිෂන් සභාව  ඒ අනුව සිය දැක්ම, මෙහෙවර ප්‍රකාශය, අපේක්ෂා හා පරමාර්ථ සකස් විය යුතු බවත්, සිව් වසරක් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම අත්‍යාවශ්‍ය ප්‍රගතිගාමි පියවරක් බවත් අවබෝධ කර ගන්නා ලදී. ගතවූ දශක තුනක කාල සීමාව තුල සිදුවී ඇති සමාජ, දේශපාලනික හා සමාජික, සංස්කෘතික  වෙනස්කම් සැලකිල්ලට ගෙන තම ආයතනයේ ප්‍රගමනය සඳහා සාමූහික දැක්මක් තිබීමේ අවශ්‍යතාව අවබෝධ කොටගත් මැතිවරණ කොමිෂන් සභාව සහභාගීත්ව උපායමාර්ගික සැලැස්මක් සකස් කළයුතු බව ඒකමතිකව තීරණය කළේය. තොරතුරු, අදහස්, යෝජනා හා ප්‍රතිචාර ජාතික හා ප්‍රාදේශීය වශයෙන් එකතු කොට විශ්ලේෂණය කරමින් සකස් කරන ලද ක්‍රියාකාරි සැලැස්මක් වන හෙයින් මෙය විශේෂ වූ හා පෘථුල වූ ව්‍යායාමයක ප්‍රතිඵලයක් විය.

දිගුකාලීන සන්නද්ධ අරගලයක් නිසා ඇතිවී තිබෙන දේශපාලනික වෙනස්වීම්ද, සමාජ හා දේශපාලනික ප්‍රතිසංස්කරණවලට හිතකර ලෙස බිහිවී ඇති පරිසරයද, අභ්‍යන්තර හා බාහිර පරිසරයන්හි ගතිකතා සැලකිල්ලට ගනිමින් සිය කාර්යභාරය ඵලදායී ලෙස හා කාර්යක්ෂම ලෙස ඉටුකිරීමේ මාර්ගයන් පාදා ගැනීමටත් නව කොමිසමේ ක්‍රමෝපායික දිශානතීන් ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සලසා දී තිබේ.

සහභාගීත්ව උපායමාර්ගික සැලසුම්කරණ (ස.උ.සැ) ක්‍රමවේදය ඵලදායී කළමනාකරණයෙහිලා නව අත් දැකීමකි. ආයතනය මැනවින් ව්‍යුහගත කරනු ලබන්නා වූ ද එහි අනාගතය පෙරටු කොට ගත්තාවූද කළමනාකරණ ක්‍රමයක් වන මෙය ආයතනයේ වැඩ සටහන් හා ප්‍රතිපත්තිමය දිශානතීන් මැනවින් හසුරුවයි. එබැවින් සිව් වසරක් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ අරමුණින් සෑම මට්ටමකම නිලධාරීන් හා සේවකයන් තුළ සැලැස්ම පිළිබඳව ගැඹුරු වූද පෞද්ගලික වූද  කැපවීමක් ඇති කරවමින් මැතිවරණ කොමිෂන් සභාවේ දැක්ම මෙහෙවර ප්‍රකාශය අරමුණු හා පරමාර්ථ සකස් කිරීම සඳහා මෙම සැලසුම් ක්‍රමය යොදාගන්නා ලදි. මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරන සෑම කෙනෙකුටම සාකච්ඡා මේසයේ අසුනක්ද අදහස් ප්‍රකාශ කිරීම සඳහා ක්‍රියාවලියේ අවස්ථාවක්ද ලබා දෙන ලදි.

පවත්වන ලද වැඩමුළුවල දී නිලධාරීන් හඳුනාගත් උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජවය දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ දැක්ම තහවුරු කරවීමට ද මෙම සහභාගී සැලසුම්කරණය ඉවහල් විය.

දැනට පවත්නා වෙනස්කම් පිළිගනිමින් මතභේද හා ගැටුම් අවම කරමින් ආයතනයේ සිදුකළ යුතු වෙනස් කිරීම් හඳුනාගැනීමටද, බාධක හඳුනාගැනීමට ද, වෙනස්කම් සිදුවිය යුතු අවස්ථා හඳුනාගැනීමටද සහභාගීත්ව උපායමාර්ගික සැලසුම් ක්‍රියාවලිය පිටුවහලක් විය. සහභාගීත්ව උපායමාර්ගික සැලසුම්කරණයේදී තීරණාත්මක ගැටලු පිළිබඳ ප්‍රවේශය (Critical Issue Approach)  උපයෝගී කරගන්නා ලදි. 

සහභාගීත්ව උපාය මාර්ගික සැලැස්ම (PSP)

බාගත කරන්න