මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

නිතර අසන ප්‍රශ්න: මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIV අ පරිච්ඡේදයේ ව. 103 – 104 ඒ අනුව කොමිෂන් සභාව, යම් වෘත්තීන්හී හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්ෂේත්‍ර වල හෝ විශිෂ්ඨතා හිමිකරගෙන සිටින තැනැත්තන් අතුරින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් සමන්විත වේ. පත් කරනු ලබන එක් සාමාජිකයෙකු  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් හෝ ඊට ඉහල වූ හෝ ධූරයන් උසුලනු ලැබූ මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ලත් නිලධාරියෙකු විය යුතුය. මොවුන් සාමාන්‍යයෙන් ධූරයට පත් කරනු ලැබූ දා සිට අවුරුදු පහක කාලයක් ධූරය දැරිය යුත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ඔවුන් අතුරෙන් එක් සාමාජිකයෙකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇත.

(i)   යම් තැනැත්තෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පලාත් සභා මන්ත්‍රීවරයෙකු හෝ පලාත් පාලන ආයතනයක සභිකයෙකුනම් හෝ එවැන්නෙකු බවට පත් වේ නම් හෝ,

(ii)  අධිකරණ නිලධාරියෙකු හෝ රජයේ නිලධාරියෙකු නම් හෝ එවැන්නෙකු වශයෙන් පත් කරනු ලැබුවේනම් හෝ,

(iii)  කවර තත්වයකින් හෝ රජයේ සේවයේ යෙදී සිටීනම් හෝ රජයේ සේවයට ඇතුළු වේ නම් හෝ,

ධූරයෙන් ඉවත් කෙරේ.

(iv) මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ධූරයෙන් ඉවත් කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් ඉවත් කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වෙනත් නීතිවල විධිවිධාන වලට අනුකූලවය.

(v)  මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ජනාධිපතිවරයා අමතා යවන ලියවිල්ලක් මගින් ධූරයෙන් ඉවත් විය හැක.

(vi)  චරිත දූෂණ වරදක් සම්බන්ධයෙන් අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවහොත් හෝ ඔහු ප්‍රජා අශක්නුතාවන්ට යටත් කළ යුතු බවට යෝජනා සම්මතයක් ( 8 ) වන ව්‍යවස්ථාව යටතේ සම්මත කර ඇති විට ඉවත් කළ හැකිය.

(vii)  කොමිෂන් සභාවේ සාමාජිකයෙකු කොමිෂන් සභාවේ පූර්ව අවසරය නොමැතිව කොමිෂන් සභාවේ අනුක්‍රමික රැස්වීම් තුනකට නොපැමිණියහොත් ඒ තුන් වන රැස්වීම් දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරය අතහැර ගියා සේ සැලකිය යුතුය.

(i)    සුදුසුකම්ලත් සියලුම පුරවැසියන් නිදහස් සහ සාධාරණ ලෙස පවත්වන ඡන්ද විමසීම්වල දී තම ඡන්දය නොබියව නිදහස්ව හා රහස්‍ය ලෙස පාවිච්චි කරන බව.

(ii)   ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අන්සතු කළ නොහැකි අයිතිවාසිකමක්ය යන්න අවබෝධ කර ගන්නා බව හා ඡන්ද විමසීම් ක්‍රියාවලියෙහිලා සෑම පුරවැසියකුම ක්‍රියාකාරී ලෙස සහභාගී වන බව.

(iii)   ඡන්ද විමසීම් කාලසීමාවන් තුළ දී සියලුම අපේක්ෂකයන්ට සම හා සාධාරණ අවස්ථා සැලසෙන බව.

(iv)   සෑම ඡන්ද විමසීමකදී ම සුදුසුකම්ලත් සියලුම දෙනා ඇතුළත් කර යථාවත් කරන ලද ඡන්දහිමි නාමලේඛනයක් උපයෝගී කරගන්නා බව.

(v)    ආන්තික සමාජ තත්ත්වයන් දරන සියලුම පුරවැසියන් විශ්වාසවන්ත ලෙස හා ප්‍රමාණවත් ලෙස ඡන්ද විමසීම් ක්‍රියාවලියෙහිලා සහභාගී වන බව.

(vi)   ඡන්ද විමසීම් ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස හා පාරදෘශ්‍ය ලෙස පරිපාලනය කෙරෙන බව හා,

(vii)   ඡන්ද විමසීම් ක්‍රියාවලිය හා මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ දත්තයන් හා තොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට කාලෝචිත ලෙස හා ප්‍රමාණවත් ලෙස සැපයෙන බව.

යන කරුණු තහවුරු කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ පරමාර්ථයන් වේ.