මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පියවර මොනවාද?

1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සහ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය වාර්ෂිකව සිදු කෙරේ. මැතිවරණ කොමසාරිස් විසින් එක් එක් දිස්ත්‍රික්කය සඳහා ලියාපදිංචි කිරීමේ නිලධාරි ලෙස පත් කරනු ලබන දිස්ත්‍රික් ලේකම්/ දිසාපතිගේ අධීක්ෂණය යටතේ ප්‍රතිශෝධන කාර්යය මෙහෙයවීම සහ පාලනය දිස්ත්‍රික් මට්ටමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය/ ජ්‍යෙෂ්ඨ සහකාර/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් (සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරින්) විසින් සිදු කෙරේ. ලියාපදිංචි කිරීමේ නිලධරයා විසින්, ගෙයින් ගෙට ගොස් ඡන්ද දායකයන්ගේ තොරතුරු එක් රැස් කිරීම සඳහා ගණන් ගන්නා නිලධාරින් පත් කරනු ලැබේ. එක් එක් ගෘහය වෙනුවෙන් වූ ගණන් ගැනීමේ ආකෘතිය (බීසි ආකෘතිය) නිවැරදි ලෙස පිරවීම ගෘහමූලිකයන්ගෙන් අපේක්ෂා කෙරේ. ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධරයා වන ග්‍රාම නිලධාරි විසින් ගණන් ගැනීමේ කාර්යය සිදු කෙරෙන අතර, ගණන් ගැනීමේ කාර්යය සංකීර්ණ වන නාගරික ප්‍රදේශ වල (උදා – කොළඹ සහ මීගමුව මහනගරසභා බල ප්‍රදේශ) මේ කාර්යය විශේෂ ගණන් ගන්නා නිලධාරින් වෙත පවරා ඇත. මෙම විශේෂ ගණන් ගන්නා නිලධාරින් යනු රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් වල රැකියාව කරන අය වේ. ඉහත සඳහන් කළ නුසුදුසුතාවයන්ට ලක් නොවූ සහ අදාළ වර්ෂයේ පෙබරවාරි මස 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ ශ්‍රී ලාංකීය පුරවැසියන් සුදුසුකම් ලද ලිපිනයක ලියාපදිංචියට හිමිකම් ලබති.

ඡන්දහිමි නාමලේඛන මහජනතාවට ප්‍රදර්ශනය සඳහා තබන්නේ කුමන ස්ථාන වලද?

සම්පූර්ණ කරන ලද ලේඛන (බීසි ආකෘතිය) සහ අදාළ අනෙකුත් වාර්තා ගණන් ගන්නා නිලධාරින් විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට භාරදීමෙන් පසුව, දැනට වලංගු නාමලේඛනයෙන් ඉවත්වන නම් ඇතුළත් “අ” ලැයිස්තුව (A) සහ ප්‍රතිශෝධිත නාමලේඛනයට අළුතින් ඇතුළත් වන නම් ලැයිස්තුව “ආ” ලැයිස්තු (B) පරිගණකයෙන් සකස් කිරීමෙන් පසුව සෑම වර්ෂයකම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් යන මාස වල දින 28 කාලයක් (පනතින් නියමකර ඇති පරිදි) දැනට වලංගු නාමලේඛනයද සමග පහත සඳහන් ස්ථාන වල ප්‍රදර්ශනය කෙරේ.

  1. 1
    සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල (මුළු දිස්ත්‍රික්කයටම අදාළ)
  2. 2
    සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල (බල ප්‍රදේශයට අදාළ)
  3. 3
    සියලුම පළාත් පාලන ආයතන වල (බල ප්‍රදේශයට අදාළ)
  4. 4
    සියලුම ග්‍රාම නිලධාරි කාර්යාල වල (ග්‍රාම නිලධාරි වසමට අදාළ)

ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වීම සඳහා වූ හිමිකම් හා ඇතුළත් නම් වලට අදාළ විරෝධතා ඉදිරිපත් කරන්නේ කෙසේද?

දැනට වලංගු නාමලේඛනයත්, එයින් ඉවත් කිරීමට යෝජිත නම් ලැයිස්තුව හා ඊට අලුතින් ඇතුළත් කිරීමට නියමිත නම් ලැයිස්තු පරීක්ෂා කර බලා යම්කිසි පුද්ගලයෙකුට තමාගේ නම අදාළ වර්ෂයට ලියාපදිංචියට නිර්දේශ වී නැති බව අනාවරණය වේ නම් හිමිකම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සහ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචියට සුදුසුකම් නොලබන අයෙකුගේ නම ලියාපදිංචියට නිර්දේශ වී ඇත්නම් ඊට විරුද්ධව විරෝධතාවක් ඉදිරිපත් කිරීමටත් ඉහත කී දින 28 ක ව්‍යවස්ථාපිත කාලය තුළ අවස්ථාව ලැබේ.

ලැබෙන හිමිකම් සහ විරෝධතා සම්බන්ධ පරීක්ෂණ, දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ/ නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් පවත්වා අවසන් කිරීමෙන් පසුව ඇතුළත් වියයුතු සුදුසුකම් සහිත නම් ඇතුළත් කර හා නුසුදුසු නම් ඉවත්කර, නාමලේඛනය ගණන් ගන්නා නිලධාරින් විසින් භාරදෙන ලද බීසි ආකෘතිද සමග නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීමට නියමිත දිනට සතියකට පමණ පෙර වූ දිනයක දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල හා සියලුම ග්‍රාම නිලධාරි කාර්යාල වල සහ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ “කෙටුම්පත් නාමලේඛනය” ප්‍රදර්ශනය කෙරේ. එම සතියක කාල සීමාව තුළ ද බීසී ආකෘති සම්පූර්ණ කර නියමිත කාලය තුළ ගණන් ගන්නා නිලධාරි වෙත භාරදී තිබියදී සහ හිමිකම් පරීක්ෂණ වලදී හිමිකම් පිළිගත් බවට දන්වා තිබියදීත් නම ඇතුලත්ව නැති බව පෙනී යන්නේ නම් වහාම ලිඛිතව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට හා අදාළ ග්‍රාම නිලධාරින් වෙත වාර්තා කර තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කරගැනීමට අවස්ථාව ඇත.

වාර්ෂික ප්‍රතිශෝධනයේ වැඩ අදියර

2012 වර්ෂය දක්වාම වාර්ෂිකව පිළියෙල කරන ඡන්ද හිමි නාමලේඛනය සහතික කරනු ලැබුයේ ඊළඟ වර්ෂයේ මැයි මස 31 හෝ ඒ ආසන්න දිනයකදීය. කෙසේ වෙතත් ඉදිරි වර්ෂ වලදී වාර්ෂිකව ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීම, කාර්ය බහුලත්වය හා ඡන්ද විමසීම් පැවැත්වීමට සිදුවීම යන කරුණු සැලකිල්ලට ගෙන අදාළ වර්ෂයේ ඔක්තෝබර් 31 දින හෝ දෙසැම්බර් මස 31 දින යන කාලය තුළ සිදු කිරීමට පියවර ගෙන ඇත.

*ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ සාමාන්‍ය කාලසටහන පහත දක්වා ඇති අතර මෙම දින වකවානු ඒ ඒ වර්ෂයේ කාර්යභාරය අනුව වෙනස් විය හැකි අතර එම වෙනස්වීම් පිළිබඳ ජනමාධ්‍ය හරහා, ගැසට් නිවේදන හරහා හා මෙම වෙබ් අඩවිය හරහා දැනුවත් කරනු ලැබේ.

 

කාර්යය

දෙසැම්බර් මස 31 දින සහතික කරන්නේ නම් 

අදාළ වර්ෂයේ ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්/ දිසාපතිවරුන් සහ නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීම හා පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීම.

මාර්තු මස 20 දිනට පෙර

ගණන් ගැනීමේ නිලධාරින් සඳහා උපදෙස් පන්ති

අප්‍රේල් මස 20 දින සිට මැයි මස 10 දින දක්වා

ගෙයින් ගෙට ගොස් බීසි ආකෘති ගෘහ මූලිකයන් වෙත භාරදීම

මැයි මස 15 දින සිට ජුනි මස 21 දින දක්වා

බීසි ආකෘති ගෘහ මූලිකයන් වෙතින් ආපසු භාර ගැනීම

ජුනි මස 02 දින සිට ජුලි මස 25 දින දක්වා

ගණන් ගන්නා නිලධාරින්ගෙන් ලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාර ගැනීම හා පරීක්ෂාව

ජුනි මස 15 දින සිට අගෝස්තු මස 05 දින දක්වා

"අ" ලැයිස්තුව (A) (ප්‍රවර්තන නාමලේඛනයෙන් ඉවත් කිරීමට නිර්දේශ නම්)

"ආ" ලැයිස්තුව (B) (ප්‍රතිශෝධිත ඡන්දහිමි නාමලේඛනයට අළුතින් ඇතුළත් කිරීමට නිර්දේශිත නම් ලැයිස්තුව)

පරිගණකයෙන් සකස් කිරීම,  පරීක්ෂා කිරීම හා ප්‍රදර්ශනය සඳහා සුදානම් කිරීම

ජුනි මස 15 දින සිට අගෝස්තු මස 25 දින දක්වා

"අ" (A) සහ "ආ" (B)  ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම සහ විරෝධතා භාර ගැනීම

සැප්තැම්බර් මස දින 28ක කාලයක්

බහු ලියාපදිංචියට අදාළ කටයුතු

ජුලි මස සිට අගෝස්තු දක්වා

හිමිකම් හා විරෝධතා වලට අදාළ පරීක්ෂණ

 

ඔක්තෝබර් මස

 

ඡන්දහිමි නාමලේඛනය යාවත් කාලීන කිරීම

 

නොවැම්බර් මස 15 දිනට පෙර

 

ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීම

 

නොවැම්බර් මස 30 දින