මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

නිතර අසන ප්‍රශ්න: දේශපාලන පක්ෂ

(i)    ඉල්ලුම්පත සමග ඉදිරිපත් කළ යුතු යැයි නියම කරන ලද සියළුම ලිපි ලේඛන ඉදිරිපත් කර තිබීම.

(ii)   කොමිෂන් සභාව විසින් කැඳවනු ලබන පරික්ෂණ සඳහා පක්ෂයේ ප්‍රධාන නිලධාරි මණ්ඩලය (කාන්තා නිලධාරිනියන් ද ඇතුලත්ව) සහභාගී වීම.  

(iii)  එම පක්ෂය දේශපාලන පක්ෂයන් බවට කොමිෂන් සභාව සෑහීමකට පත් වීම.

(iv)  එම පක්ෂයට 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ වලට තරඟ කිරීම සඳහා හැකියාවන් ඇති පක්ෂයක් බවට කොමිෂන් සභාව සෑහීමකට පත් වීම.

(v)    (අ) එම පක්ෂය ඉල්ලීම ඉදිරිපත් කිරීමේ දිනයට අවම වශයෙන් අවුරුදු හතරක කාලයකට පෙරාතුව සිට අඛණ්ඩව දේශපාලන කටයුතු වල නියැලී සිටි බව ; හෝ

     (ආ) එම පක්ෂය විසින් නම් කරනු ලබන අපේක්ෂකයන් දෙදෙනෙකු අතරින් අවම වශයෙන් එක් අපේක්ෂකයකු එම පක්ෂය විසින් ඉල්ලීම ඉදිරිපත් කරන ලද දිනයට පෙරාතුව පවත්වන ලද පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජයග්‍රහණය කර ඇති බව; හෝ

     (ඇ) එම පක්ෂය විසින් හෝ විවිධ පළාත් සභා පහකට (05) නම් කරන ලද අපේක්ෂකයන් පස් දෙනෙකු අතරින් අවම වශයෙන් තුන්දෙනෙකු (03) ඒ පක්ෂය විසින් ඉල්ලීම ඉදිරිපත් කරන ලද දිනයට පෙරාතුව පවත්වන ලද පළාත් සභා මැතිවරණයේ දී ජයග්‍රහණය කර ඇති බවට කොමිෂන් සභාව සෑහිමකට පත් වීම.

(i)   පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීමට එම පක්ෂය හිමිකම් ලැබූ දින සිට මාස තුනක් ඇතුළත පක්ෂයේ ව්‍යවස්ථාවේ පිටපතක්, පක්ෂයේ නිලධාරින්ගේ ලැයිස්තුවත්, ඒ පක්ෂයේ දේශපාලන වැඩසටහන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

(ii)  ලියාපදිංචි විගණනවරයෙකු විසින් විගණනය කරන ලද සෑම පිළිගත් දේශපාලන පක්ෂයකම වාර්ෂික ගිණුම් ප්‍රකාශයේ පිටපතක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

(iii)  පිළිගත් දේශපාලන පක්ෂ විසින් එහි ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන විට එම සංශෝධනයේ දින සිට දින තිහක් (30) ගතවීමට පෙර එම සංශෝධනය කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතුය.

(iv)  පිළිගත් දේශපාලන පක්ෂ විසින් එහි නිලධරයන් වෙනස් කරන අවස්ථාවකදී එම වෙනස් කිරීමේ දින සිට දින තිහක් (30) ගතවීමට පෙර  කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතුය.

(v)  සෑම පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් ම වාර්ෂිකව එක් වරක් හෝ එම පක්ෂයේ ව්‍යවස්ථාවේ නිශ්චිතව දැක්වෙන පරිදි මහ සභා රැස්වීමක් පැවැත්විය යුතුය. එම රැස්විමේ දී අනුගමනය කළ යුතු කාර්ය පරිපාටින් එම ව්‍යවස්ථාවේ නිශ්චිතව දන්වා තිබිය යුතුය.

(vi)  පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් එක් කිරීමෙන් සාදන ලද යම් සන්ධානයක සම්පාදන පක්ෂ වල නම් සහ එම නිලධාරීන්ගේ නම් කොමිෂන් සභාව වෙත දැන්විය යුතුය.

(i)   යම් පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 08 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැර ඇති අවස්ථාවක; හා

(ii)  අනුක්‍රමික පාර්ලිමේන්තු මහ මැතිවරණ දෙකක් සඳහා ඒ පක්ෂයේ එක් අපේක්ෂකයකු හෝ නම් කරනු නොලැබූ විටය.