මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ඡන්දය භාවිතා කරන්නේ කෙසේද?

තමාගේ අනන්‍යතාවය සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස් විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන වන

වලංගු විදේශ ගමන් බලපත්‍රය,

වලංගු රියදුරු බලපත්‍රය,

වැඩිහිටි හැඳුනුම්පත,

විශ්‍රාමික හැඳුනුම්පත,

පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත 

  • මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරී මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
  • යන මේවා අතරින් එක් ලේඛනයක් අනිවාර්යයෙන් ගෙන යා යුතුය. තවද, තමාට තැපෑලෙන් ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත (Poll Card) ගෙන යෑම ඡන්ද දායකයාට මෙන්ම ඡන්ද පොළේ නිලධාරීන්ට ද පහසුවක් වේ. එම නිසා එයද රැගෙන යන්න. තවද ඡන්දය භාවිතා කිරීමේදී පහත සඳහන් වැඩ පිළිවෙල අනුගමනය කළ යුතුය.

    මෙහිදී ඡන්ද පොළෙහි සිටින නිළධාරින් හතර දෙනෙකු විසින් පහත සඳහන් පරිදි කටයුතු කරනු ඇත.
    1. 1
      පළමුව සිටින නිලධාරියා විසින් ඡන්ද දායකයා සතුව ඇති හඳුනාගැනීමේ ලේඛනය (ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, පූජ්‍ය/පූජක පක්ෂයේ හැඳුනුම්පත, රජයේ විශ්‍රාමිකයින්ගේ හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත හෝ ග්‍රාම නිලධාරියා මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත) පරීක්ෂා කර බලා, එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැලපේ නම් ඡන්දදායකයා දෙවැනි නිලධාරියා වෙත යොමු කරනු ඇත.
    2. 2
      දෙවැනි නිලධාරියා ඡන්දදායකයා සතුව ඇති නිල ඡන්ද දැන්වීම් පත (OFFICIAL POLL CARD) ඉල්ලා ගෙන ඔහුගේ නම ඡන්ද ලැයිස්තුවේ සොයා ගෙන, ඔහුගේ නම විමසා, ඡන්දදායකයාගේ නම සහ අනු අංකය හඬ නගා කියවනු ඇත. ඉන් පසු ප්‍රශ්නයක් මතු නොවුනහොත්, ඡන්දදායකයා ඊළගට සිටින නිලධාරියා වෙත යොමු කරනු ඇත.
    3. 3
      තුන්වැනි නිලධාරියා ඡන්දදායකයාගේ වම් අතේ සුළැඟිල්ල පරීක්ෂා කර එම ඇඟිල්ල වටා තීන්ත ආලේපනය කරනු ඇත. ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමට එකඟ නොවුවහොත් එවැනි ඡන්දදායකයෙකුට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වනු ඇත. තීන්ත ආලේපනයෙන් පසු ඊළඟට සිටින නිලධාරියා විසින් ඡන්ද පත්‍රිකාවක් ඡන්ද දායකයා අතට දෙනු ඇත.
    එය රැගෙන ඡන්දය ලකුණු කිරීම සඳහා ඇති ආවරණය කළ කුටියට ගොස් ඡන්ද පත්‍රිකාවේ තමා කැමති පක්ෂයකට හෝ කණ්ඩායමකට ඡන්දය ලකුණු කර, ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ ඇති අපේක්ෂකයන්ගේ අංක වලින් හඳුන්වා දෙන නියමිත අපේක්ෂක සංඛ්‍යාවට හෝ ඊට අඩු ගණනකට මනාපය ලකුණු කර ඡන්ද පත්‍රිකාව හොඳින් දෙකට නමා අවැසි නම් හතරටද නමා ගෙනවිත් ඡන්ද පෙට්ටියට දැමිය යුතුය.