මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

දේශපාලන වශයෙන් මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් සලකනු ලැබීමට හිමිකම් ලබන්නේ කෙසේද?

 

ඉල්ලුම්පත් කැඳවීම.

මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයන් ලෙස සලකනු ලබන්නේ 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත "1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අංක 7 වගන්තියේ විධිවිධාන අනුවය.

ඒ අනුව සෑම වසරකම (නීතියෙන් අන් අයුරින් නියම කර නොමැති නම්) ජනවාරි මස 31 දිනට පෙර මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලුම්පත් කැඳවමින් ප්‍රසිද්ධ පුවත්පත් වල දැන්වීමක් පළ කෙරේ. කෙසේ වුවද ජනවාරි මස තුල ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්වී ඇත්නම් එම දැන්වීම ඡන්ද විමසීමේ දින සිට දින තිහක (30) කාලයක් ඉකුත් වීමෙන් පසු පළ කරනු ලැබේ.

දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වු ඉල්ලීම පක්ෂයේ ලේකම්වරයා විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුවේ.

ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවාද?

  1. 1
    පක්ෂ ව්‍යවස්ථාවේ පිටපත
  2. 2
    පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ ලැයිස්තුව (පක්ෂයේ නිලධාරි ලැයිස්තුවට අඩුම තරමින් කාන්තා නිලධාරීන් එක් අයෙකු හෝ ඇතුලත් කිරීමට වග බලාගත යුතුය.)
  3. 3
    පක්ෂයේ විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ
  4. 4
    පක්ෂයේ තත්කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය
  5. 5
    දේශපාලන පක්ෂයක් වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වු බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සියළුම ලිපි ලේඛන හා ඒ පිළිබඳ වාර්තාවන්.

වැඩි තොරතුරු සඳහා අදාළ පනතේ විධිවිධාන පරිශීලනය කිරීම යෙහෙකි.