මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

පුරවැසියා|ඡන්දදායකයා|ඡන්දහිමියා කවුරුන්ද යන්න?

පුරවැසියා යනු කවරෙක්ද?

රාජ්‍යයක් මගින් එහි ප්‍රජාව වෙත ප්‍රදානය කරන සියලු නීත්‍යානුකූල අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විඳීමට හිමිකම් ලබන පුද්ගලයා වන අතර ඔහු එහි නීති රීති වලට අවනත වීමට සහ ඔහු වෙත පැවරෙන රාජකාරි ඉටුකිරීමට බැඳී සිටී. රටවැසියා ලෙසද හැඳින්වේ.

ඡන්දහිමියා යනු කවරෙක්ද?

  1. 1
    මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති පුද්ගලයෙකු
  2. 2
    මැතිවරණයක් සඳහා සහභාගී වීමට අයිතිය ඇති පුද්ගලයෙකු

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකු ම ඡන්දහිමියෙකු ලෙස හැඳින්විය හැකිය.

 

ඡන්දදායකයා යනු කවරෙක්ද?

ඡන්දදායකයා යනු ඡන්දය ප්‍රකාශ කළ හැකි එනම්, ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව ඇති, පුද්ගල අනන්‍යතා හැඳුනුම්පතක් හිමි එමෙන් ම ඡන්ද විමසීම් කටයුතු සඳහා සහභාගී විය හැකි පුද්ගලයා වේ.