මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ඡන්දහිමියන් දැනුවත් කිරීම

මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය මත ඉදිරි සිවු අවුරුදු කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති, වැඩසටහන් හා ක්‍රියාකාරකම් සියල්ල ඇතුළත් කොට 2017 – 2020 දක්වා සිවු අවුරුදු උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමට කටයුතු කරන ලදී. මෙම සැලැස්ම සඳහා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, නිරීක්ෂණ සංවිධාන, මාධ්‍යවේදීන්, කාන්තා, තරුණ, ආබාධිත හා වැඩිහිටි පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන සහභාගීත්ව උපාය මාර්ගික සැලැස්ම සකස් කර ඇත.

එම උපාය මාර්ගික සැලැස්ම ඔස්සේ, ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය, මැතිවරණ ක්‍රම පිළිබඳව පුරවැසියන්, දේශපාලනඥයන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල සාමාජිකයන්, ප්‍රජා මූල සංවිධානවල සාමාජිකයන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු සියලු මැතිවරණ පාර්ශවකරුවන් ජාතික මට්ටමින්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් දැනුවත් කෙරේ. එම දැනුවත් කිරීමේ වැඩසටහන්වල එක් අංගයක් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තුව වැඩසටහන හරහා අනාගත පුරවැසියන් වන පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.