මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ඡන්ද වැරදි

සියලු ඡන්ද විමසීම් සම්බන්ධව ඡන්ද වැරදි  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පාර්ලිමේන්තු පනත්වල සඳහන්ව ඇත. ඡන්ද වැරදි සෑම ඡන්ද විමසීමකට අදාළ වන අතර,  ඒ ඒ පනතේ වගන්තියේ අංකය පමණක් වෙනස් වේ. මෙම මැතිවරණ වැරදි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සඳහන්ව ඇත.

 

ඡන්ද වැරදි

වෙනකෙකු වෙනුවට හෝ වෙනකෙකු වශයෙන් පෙනී සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට ඡන්ද පත්‍රිකාව විකෘති කිරීම්, විනාශ කිරීම්, ඡන්දය ප්‍රදර්ශනය කිරීම් ආදී වැරදි රාශියක් මේ යටතට ගැනේ. මෙම වරදකට අවු 02ට නොවැඩි සිරදඬුවමක් හා ප්‍රජා අයිතිය වසර 07ට අහිමි කිරීමට ලක් විය හැකිය.

 

දූෂණ ක්‍රියා

මේ යටතට අල්ලස්, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් ආදි වැරදි ඇතුළත් වේ. දඬුවම රු.300/- දඩයක් හා වසර 03ට ප්‍රජා අයිතිය අහිමි කළ හැකිය.

 

නීති විරෝධී ක්‍රියා

ඇතැම් මැතිවරණ වියදම් ප්‍රවෘත්ති පත්වල අසත්‍ය වාර්තා හා ප්‍රකාශන මුද්‍රණ කටයුතු සම්බන්ධ වැරදි මේ යටතට ඇතුළත් වේ. දඬුවම රු.300/- දඩයක් හා වසර 03ට ප්‍රජා අයිතිය අහිමි කළ හැකිය.

මීට අමතරව නාමයෝජනා කැඳවීම්, නාම යෝජනා භාරගැනීම්, ප්‍රතික්ෂේප කිරීම්, ඡන්දය දිනයේදී පරිපාටිය, ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද පොළවල්, ඡන්ද ගණන් කිරීම, ප්‍රතිඵල ප්‍රකාශනය, මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීම ආදී ක්‍රියාවලිය සම්බන්ධව ද විධිවිධාන මැතිවරණ නීතිවල ඇතුලත්ය.