මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

විශේෂ ඡන්ද දායකයන් (ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත)

ඇස් පෙනෙන, ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීමට හැකියාවක් ඇති නමුත්, ඡන්දය ලකුණු කිරීමේ ආකාරය නොදන්නා කෙනෙකුට ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෝ ඔහු වෙනුවට වෙනත් නිලධාරියෙකු විසින් ඡන්ද පත්‍රිකාවක් ලකුණු කරන ආකාරය පමණක් විස්තර කර දෙනු ඇත. නමුත් දෘෂ්ඨි ආබාධයකින් හෝ ශාරීරික ආබාධයක් නිසා ඡන්ද පත්‍රිකා සියතින් ලකුණු කිරීමට නොහැකි අයට, තමාගේ සහාය සඳහා වෙනත් අයෙකු කැටුව ආ හැක. මෙවැනි ඡන්ද දායකයන් විසින් ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු සහතික කළ සහතිකයක් රැගෙන ආ යුතුය. නියමිත පරිදි අනන්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව ඡන්ද හිමියාගේ සහායකයාට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හා මැතිවරණ කාර්ය මණ්ඩලයේ තවත් සමාජිකයෙකු ඉදිරිපිට ඡන්ද කුටිය තුලදී ඡන්දය සළකුණු කළ හැකිය. නමුත් දෘෂ්‍ය ආබාධිත ඡන්ද දායකයෙකු යමෙක් කැටුව නොආ විට, පනතේ සඳහන්ව නොමැති නමුත් මීට පෙර මැතිවරණ වලදී සිදුකළ පරිදි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ තවත් නිලධාරියෙකු සමඟ ඡන්ද දායකයා කුටිය වෙත කැටුව ගොස් ඔහුගෙන් කරුණු විමසා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා විසින් ඡන්ද දායකයා විසින් ඉල්ලන ආකාරයට අනෙක් නිලධරයා ඉදිරියේදීම ඡන්දය ලකුණු කළ හැකිය.