මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

නිතර අසන ප්‍රශ්න: ඡන්දදායකයන් උදෙසා

 

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන 2022 - සබැඳි ගැටළු සඳහා මෙතැනින් යොමු වන්න

 

පිළිතුර

1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත හා එම පනතට සිදුකළ සංශෝධන අනුව, එය 2022 වර්ෂයේ සිට අවුරුද්දකම පෙබරවාරි මස 01 වැනි දින ආරම්භ කෙරේ. වාර්ෂිකව සිදු කරන ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය යටතේ පදිංචිකරුවන් සිටින සෑම නිවසකටම නම් ගැනීමේ (BC) ආකෘතියක් පෙබරවාරි/ මාර්තු මාසවලදී බෙදා දෙනු ලැබේ. මෙම කාර්යය සිදුකරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ග්‍රාම නිලධාරින් මඟිනි. නමුත් අධික ජනගහනයක් ඇති කොළඹ හා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා ප්‍රදේශවල සහ මීගමුව මහ නගර සභාවේ සමහර ප්‍රදේශවල මෙම කාර්යය විශේෂ ගණන් ගන්නා නිලධාරින් මඟින් සිදු කරනු ලැබේ. ගෘහ මූලිකයා විසින් සම්පූර්ණ කරන ලද ගණන් ගැනීමේ ආකෘතිය ගණන් ගන්නා නිලධාරින් විසින් එකතු කර, සෑම නමක්ම පරීක්ෂා කර බලා තම නිර්දේශය සටහන් කොට ඉදිරි කටයුතු කර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාරදෙනු ලැබේ. ඉන්පසු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරින් විසින් ලියවිලි පරීක්ෂා කර, එක් එක් නිවසේ වත්මන් නාමලේඛනයේ තිබී ඉවත් කරනු ලබන අයගේ නම් ලැයිස්තුවක් “අ” ලැයිස්තුව (A List) සහ අළුතින් ඇතුළුවන අයගේ නම් අඩංගු ලැයිස්තුවක් “ආ” ලැයිස්තුව (B List) සකස් කර එය දින 28 ක් තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරි කාර්යාලය, පළාත් පාලන ආයතන කාර්යාලය ආදී ස්ථානවල මහජනයාගේ පරීක්ෂාව සඳහා ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම ප්‍රදර්ශණය දින 28ක් තුළ සිදු කරනු ලැබේ. ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුල් කිරීම සඳහා නම් ගණන් නොගෙන ඇති අයෙකුට හිමිකම් ඉල්ලීමක් හෝ ගණන් ගෙන ඇති පුද්ගලයෙකුට විරුද්ධව විරෝධතා ඉල්ලීමක් එම දින 28 තුළදී දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරීමේ නිලධාරි (දිස්ත්‍රි ලේකම්) ට හෝ සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරි (නියෝජ්‍ය /සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ) ට ඉදිරිපත් කළ හැක. ඉන්පසු හිමිකම් සහ විරෝධතාවයන් පිළිබඳව පරීක්ෂණ පවත්වා තීරණ ගෙන, ඉන් පසුව නාමලේඛනය සකස් කර, ඊළග වර්ෂයේ ජනවාරි 31 හෝ ඊට පෙර සහතික කරනු ලැබේ.

සැ.යු.- 2021 හා 2022 වර්ෂවල රටෙහි පැවති අයහපත් සෞඛ්යාය වාතාවරණය හේතුවෙන් ගෙයින් ගෙට ගොස් ඡන්දහිමියන් ගණන් ගැනීමේ කටයුතු සිදු නොවීය.

පිළිතුර

ඡන්දහිමි නාමලේඛනයට කෙනෙකුගේ නමක් ඇතුළත් කරවා ගැනීම සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් මෙන්ම ව්‍යවවස්ථාපාත සුදුසුකම් තිබිය යුතුය.

I. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
II. පෙබරවාරි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම
III. පෙබරවාරි 01 දිනට ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ලිපිනයේ සාමාන්‍ය පදිංචිය තිබීම.
IV. සිහිවිකල් බවට යම්කිසි නීතියන් යටතේ තීරණය වී නොතිබීම.
V. අවුරුදු 2 ක සිරගත වීමට නියම වන වරදකට, වරදකරු වී මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සිරගතවී සිටීම හෝ සිරගතවී සහ ඉන් පසු අවුරුදු 07 ක කාලයක් ගතවී තිබීම.
VI. අල්ලස් චෝදනාවකට වරදකරු වී අවුරුදු 07 ක කාලයක් ගතවී තිබීම.
VII. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවේ ඡන්ද බලය අහිමි වීමට අදාළ නුසුදුසුකම් වලට ලක් නොවීම.
VIII. පෙබරවාරි 01 සිට මැයි 31 දක්වා ; ජූනී 01 සිට සැප්තැම්බර් 30 දක්වා ; ඔක්තෝබර් 01 සිට ජනවාරි 31 දක්වා යන කාලපරිච්ඡේද තුළ යම් දිනකදී වසය අවුරුදු 18 සම්පූර්ණ කරන පුරුවැසියෙකු පරිපූරක ඡන්දහිමි නාමලේඛන මඟින් ඡන්ද බලය ලබා ගත හැක.

මීට අමතරව මැතිවරණ නීති උල්ලංගණය කිරීම, මහජන ආයතන (දූෂණ වැළැක්වීමේ )ආඥාපනත යටතේ වරදකරු වී සිටීම, මැතිවරණ වලදී දූෂණ ක්‍රියා, නීති  විරෝධී ක්‍රියා ආදියට වරදකරු වී තිබීම ආදී වශයෙන් තවත් නුසුදුසුකම් ඇත.

හිමිකම් පරීක්ෂණයකින් පසුව යමෙකුගේ නමක් ඡන්දහිමි නාමලේඛනයට ඇතුලත් කර නොතිබේනම් ලියාපදිංචි කිරීමේ නිලධාරීගේ තීරණයට විරුද්ධව අභියාචනයක් දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ.

පිළිතුර

නැත. සෑම අවුරුද්දකම ඡන්ද හිමියන් ගණන් ගන්නා අවස්ථාවේදී කෙනෙකුගේ නම, පදිංචි නිවහන යටතේ ගණන් ගැනීම අනිවාර්යය. නොඑසේනම්, ලැයිස්තුවෙන් නම ඉවත් වනු ඇත.

පිළිතුර

ඔව්. තමාගේ නම සඳහන් නිවසේ උපුටනයක් ලබා ගත හැකියි. ඒ සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයත් වෙත ගොස් ඉල්ලුම්පතක් සම්පූර්ණ කර නියමිත ගාස්තු ගෙවා උපුටනයක් ලබා ගත හැකිය. කෙසේ නමුදු, කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඡන්දහිමි නාමලේඛන තොරතුරු ඇති බැවින්, තමාගේ නම ඇතුලත් මුද්‍රිත පිටපතක් (PRINT OUT) ලබා ගත හැක.

පිළිතුර

නැත. දරුවන් පාසල් වල පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා නාමලේඛනයේ උපුටන අවශ්‍ය නොවේ. එසේ වුවත් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීම පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින්, www.elections.gov.lk මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ ලබාගෙන ඉල්ලුම් පත්‍රෙය් විස්තර සම්පූර්ණ කළ හැක. එක් එක් පාසල් වල ප්‍රධානීන් විසින් ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කරනු ඇත. ඊට අදාල පහසුකම් මැතිවරණ කොමිෂන් සභාව විසින් පාසල් වෙත ලබා දී ඇත.

පිළිතුර

නොහැක. එය වරදකි. එසේ වුවත් යම් අයෙකුට ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ඇති ලිපින එකකට වඩා තිබිය හැකි අතර ලියාපදිංචි විය හැක්කේ ඉන් එක ලිපිනයක පමණි.

පිළිතුර

ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා සාමාන්‍ය පදිංචිය තිබීම අත්‍යවශ්‍යය. එබැවින් අයිතිය තිබූ පමණින් ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය නොහැක. අදාළ නිවසම කුලියට දී ඇත්නම් හා අයිතිකරු එහි සාමාන්‍ය පදිංචිය නැත්නම් නම් එකී ලිපිනය යටතේ ඡන්දහිමි නාමලේඛනයේ ඡන්දයට ලියාපදිංචි විය නොහැක.  

පිළිතුර

අදාල වර්ෂයේ පෙබරවාරි මස 01 දින පදිංචිව සිටි ස්ථානයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වීමට කුලී නිවැසියන්ට සම්පූර්ණ අයිතිය තිබේ. එයට බාධා කිරීමට කිසිවකුට නොහැකිය. එවැනි අවස්ථා සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලය වහාම දැනුවත් කිරීම අවශ්‍යයි.

පිළිතුර

ඡන්දහිමි නාමලේඛනයට අලුතින් ඇතුලත් වන හා ඉවත් කෙරෙන නම් ප්‍රදර්ශනය කෙරෙන කාලය ගැසට් සහ පුවත්පත් නිවේදන මගින් ප්‍රසිද්ධ කෙරේ. එම කාලයේදී ග්‍රාමනිලධාරී කාර්යාලවල, පළාත්පාලන ආයතනවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා මැතිවරණ කාර්යාලවල වලංගු නාමලේඛනයෙන් ඉවත් කරන නම් හා ඇතුළත් කරන නම් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම එම කාලය තුළ හා ඇතුලත් කරන නම් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම එම කාලය තුල www.elections.gov.lk මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා නාමලේඛනයේ කෙටුම්පත ප්‍රදර්ශනය කෙරේ. ඡන්ද විමසීම් කාලය තුලදී නෙබ් අඩවිය හරහා මෙන්ම ජාතික තොරතුරු කේන්ද්‍රයෙන්ද (1919) තොරතුරු ලබාගත හැකිය.

පිළිතුර

අනිවාර්යය නැත. නමුත්, කෙනෙකුගේ ඡන්දය භාවිතා කිරීමට අමතරව වෙනත් රජයේ අවශ්‍යතාවන් සඳහා නාමලේඛනයේ නම තිබීම ප්‍රයෝජනවත් වේ. එමෙන්ම සිවිල් පුරවැසියෙකු ලෙස තම ප්‍රධානතම සමාජ වගකීම මත ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද බලය තිබීම අත්‍යවශ්‍ය වේ.

පිළිතුර

හැකියාවක් ඇත. ගෙයින් ගෙට ගොස් ඡන්දහිමියන් ගණන් ගැනීමේ අවස්ථාවෙන් පසුව "අ" සහ "ආ" ලැයිස්තු ප්‍රදර්ශනයට සමගාමීව දින 28ක කාලයක් හිමිකම් ඉල්ලීම සඳහා අවස්ථාව ලබා දී ඇත. මෙම කාලය ගැසටි නිවේදන / පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කෙරේ. හිමිකම් ඉල්ලුම්පත් මගින් සිදු කළ හැක

පිළිතුර

නැත. ලිඛිතව බලය පවරන ලද නියෝජිතයකුට ඒ සඳහා සහභාගි විය හැකිය.

පිළිතුර

සෑම අවුරුද්දකම පෙබරවාරි මස 01 දින

පිළිතුර

ඔව්. මෙය කළ යුත්තේ වාර්ෂිකව "අ" (A) සහ "ආ" (B) ලැයිස්තු ප්‍රදර්ශනයට සමගාමීව ලබා දෙන දින 28 ක කාල සීමාවේදීය. විරෝධතා ඉල්ලුම්පත පිටපත් දෙකකින් ලබා දිය යුතු අතර එහි සඳහන් සියළු කරුණු නිවැරදි සම්පූර්ණ කර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාර දිය යුතු වේ.

පිළිතුර

ඔව්. මෙරටට පැමිණි විට සාමාන්‍යෙයන් පදිංචි වන ලිපිනය යටතේ වාර්ෂිකව ලියාපදිංචි වීමට කටයුතු කළ හැකියා. විදේශගත ලිපිනය සහ ගමන් බලපත්‍රයේ අංකය ගණන් ගැනීමේ ආකෘතියේ සටහන් කළ යුතුය

පිළිතුර

ඔව්, හිමිකම් හෝ විරෝධතා පරීක්ෂණයක් සම්බන්ධයෙන් ලබා දෙන තීරණය පිළිබඳව සෑහීමට පත් නොවන තැනැත්තෙකු එම තීරණය ලැබී දින 10 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් දිසා අධිකරණ වෙත අභියාචනා කළ හැක.