මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

සංචාරක බංගලාව – නුවර එළිය


01:1 සංචාරක නිවාසය වෙන් කර ගැනීමට අවශ්‍ය දිනට සති තුනකට පෙර මැතිවරණ මහලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි විමසීමෙන් අනතුරුව අදාළ අයදුම්පත සම්පුර්ණ කොට ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා, සංචාරක නිවාසය වෙන් කර ගත හැකිය. පරිපාලන නිලධාරීගේ දුරකථන අංක පහත පරිදි වේ.

011-2868441-3 (පොදු කාර්යාලය) - දිගුව 459

011-2074599 (රාජකාරි)

01:2 සංචාරක නිවාසය වෙන් කරවා ගැනීම සඳහා ඔබ විසින් මුදල් ගෙවු ලදුපතේ ඡායා පිටපතක් ඇමුණුම I පරිදි වු අයදුම්පත සමඟ අමුණා ඉදිරිපත් කළයුතු අතර, එම අයදුම්පත ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ භාරදීමෙන් හෝ 011-2868450 ෆැක්ස් අංකයට යොමු කිරීම හෝ සිදුකළ හැකිය.

01:3 ෆැක්ස් මඟින් යොමු කරන ලද අයදුම්පත පරිපාලන නිලධාරි වෙත ලද බව සනාථ කරගැනීම, ඔබ වෙත සංචාරක නිවාසය නියමිත දිනට වෙන් කරවා ගැනීමට පහසුවක් වනු ඇත.

01:4 ඔබගේ අයදුම්පතට අනුව ඉල්ලුම් කරන දින / දිනයන් සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට අනුමැතිය ලබාදීමේ ලිපියෙහි ඔබගේ පිටපත පරිපාලන නිලධාරී වෙතින් ලබා ගතයුතු අතර, එය සංචාරක නිවාසයේ භාරකරු වශයෙන් නම්කර ඇති නිලධාරියා වෙත ඉදිරිපත් කර අදාල දිනයන් සඳහා නවාතැන් පහසුකම් සලසා ගත හැතිය.

කාමර සංඛ්‍යාව – 02

කාමරයක සිටිය හැකි උපරිම සංඛ්‍යාව - 03

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්/ සේවකයන් සඳහා කුලිය (දිනකට) – රු. 2,000.00

වෙනත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් / සේවකයන් – රු. 4,000.00

රියදුරු සඳහා අතිරේක කාමරය – රු. 1,250.00

පිහිටීම - නුවරඑළිය මැතිවරණ කාර්යාල පරිශ්‍රය

02:1 සම්පුර්ණ නිවස, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සඳහා සහ මැතිවරණ කොමිෂන් සභාවේ (පෙර දී මැතිවරණ දෙපාර්තමේන්තුව) අවම වශයෙන් වර්ෂ 05ක් සේවයේ නියුතුව සිට රජයේ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරී හා සේවක මහත්ම මහත්මීන් සඳහා වෙන් කරවා ගැනීමට එක් දිනකට රු.2,000.00 ක්ද, බාහිර පාර්ශවයන් සඳහා රු. 4,000.00ක් ද වශයෙන් විය යුතුය.

02:2 ඇඳන්, කොට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර සහ ලිනන් රෙදි (Blanket) යනාදිය සපයනු ලැබේ. මේවා පිරිසිදු කිරීමේ ගාස්තු වන අතර, එම මුදල් සංචාරක නිවාසයේ ගාස්තුවලට ඇතුළත් නොවේ. එබැවින් පිරිසිදු කිරීමේ ගාස්තු වශයෙන් පාවිච්චි කරන දෑ වෙනුවෙන් සංචාරක නිවස සඳහා රු.1,500.00ක මුදලක් සංචාරක නිවස්නයේ භාරකරු වෙත ගෙවිය යුතුය.

02:3 මෙම සංචාරක නිවාසයේ ලැගුම් ගන්නා නේවාසිකයන්ට ආහාර පාන සකසා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වු මුළුතැන්ගෙයි උපකරණ, ශීතකරණ, ගෑස් උදුන් ඇතුළු උපකරණ සියල්ල සපයනු ලබන අතර, ඒ සඳහා වන විදුලිය වෙනුවෙන් එක් ඒකකයකට රු.50.00 බැගින් වූ මුදලක්ද, ගෑස් පාවිච්චි කිරීම සඳහා එක් දිනකට රු. 250.00 ක මුදලක් ද සංචාරක නිවස්නය භාරකරු වෙත ගෙවිය යුතුය.

02:4 මුදල් ගෙවීම ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයිනේ ඕනෑම මැතිවරණ කාර්යාලයකින් සිදු කළ හැකිය

02:5 මෙම කොමිෂන් සභාවේ හෝ රජයේ අවශ්‍යතාවයක් මත හෝ හදිසි අවශ්‍යතාවයක දී වෙන් කිරීම අවලංගු කරනු ලැබුවහොත් වෙන් කර ගැනීම වෙනුවෙන් අය කළ මුදල ආපසු ගෙවනු ලැබේ

02:6 නුවරඑළිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට රාජකාරි කටයුත්තක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විධිමත් අනුමැතියක් ලබාගෙන යනු ලබන නිලධාරියකුට/ නිලධාරිණියකට එම රාජකාරි කටයුත්ත හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ රාත්‍රිය ගත කිරිමට සිදුවුවහොත් නුවරඑළිය සංචාරක නිවාසයේ පිටතින් ඇතුළු වීමට හැකි කාමරය ඔහුට හෝ ඇයට අය කිරීමකින් තොරව නවාතැන් ගැනීම සඳහා ලබා දීමට කටයුතු කළ යුතුයි.

03:1 සංචාරක නිවාසයෙහි ලැඟුම් ගැනීම සඳහා ඉල්ලුම්කර අවසර පත්‍රය මඟින් අවසර ලබා ගත් නිලධාරීයාම එහි නම් සඳහන් සෙසු අය සමඟ නවාතැන් ගතයුතු අතර, ඒ හැර වෙනත් අයවළුන්ට ලැඟුම් ගැනීමට අවසර දෙනු නො ලැබේ. එක් කාමරයක නවාතැන් ගත හැක්කේ උපරිම වශයෙන් තිදෙනෙකු පමණි

03:2 වෙන් කරවා ගත් සංචාරක නිවාසය භාවිත නොකරනු ලබන්නේ නම්, එය වෙන්කරවාගත් අය විසින් ඒ බව නවාතැන් ගැනීමට නියමිත දිනට දින 07කට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දැන්විය යුතුය. ඒ හේතුවෙන් කිසිම මුදලක් ආපසු නොගෙවනු ලැබේ. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වෙන් කරවා ගත් සංචාරක නිවාසය භාවිත නොකරන්නේ නම් පමණක්, එම දිනය හෝ කාලය වෙනුවට අදාළ වර්ෂය අවසන් වීමට පෙර අවකාශය ඇති වෙනත් දිනයක් හෝ අදාළ කාලයක් ඒ සඳහා නැවත ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම්, ඒ පිළිබඳව සලකා බලනු ඇත

03:3 සෑම වර්ෂයකම අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් යන මාස සඳහා මෙම සංචාරක නිවාසය වෙන් කිරීමේදී කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙනු ලැබේ

03:4 සංචාරක නිවාසය වෙන් කරවා ගත් අය එහි නිත්‍යානුකූලව රැඳි සිටිමට අවසර ලබා ගෙන ඇති කාලය තුළ එම නිවාස භුමියේ ඇති දෑද, ගොඩනැගිල්ලද, එම ගොඩනැගිල්ල තුළ ඇති සියළුම දෑද ආරක්ෂා වන අන්දමින් මෙම නවාතැන් පහසුව භුක්ති විදිමට වග බලා ගත යුතුය. සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එම ගොඩනැගිල්ලට, එහි පරිශ්‍රයේ ඇති දැයකට හෝ ගොඩනැගිල්ලේ ඇති, කිසිදු දෙයකට අලාභහානි සිදු වුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දන්වනු ලබන ආකාරයකට ලැඟුම් ගැනීමට නිවාසය වෙන් කරවාගත් අය, කටයුතු කළ යුතුය.

03:5 සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි නවාතැන් ගත් අයට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉන් ඉදිරියට මෙම සංචාරක නිවාසය එම අයට වෙන් කිරීම පිළිබඳව සලකා බලනු නොලැබේ.

03:6 මෙම සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට වෙන් කරවා ගන්නා කිසිවෙකුට එහි උත්සව හා සම්භාෂණ ආදිය පැවැත්වීම සම්පුර්ණයෙන්ම තහනම් වේ

03:7 නවාතැන් ගනු ලබන අය විසින් ආහාර සකස් කර ගැනීම සඳහා මුළුතැන්ගෙය පාවිච්චි නොකරන්නේ නම්, අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා සංචාරක නිවාසය භාරකරු දැනුවත් කර පිටතින් ආහාරපාන ලබා ගැනීමට කටයුතු කළ හැකිය

03:8 නේවාසිකයින් විසින් නිවස්නය භාරකරු වෙත ඉහත 3:3 හා 3:4 යටතේ ගෙවනු ලබන ගාස්තු සඳහා ද ලදුපතක් ලබා ගැනීම අනිවාර්ය වේ

03:9 සංචාරක නිවාසය වෙන් කරවා ගැනීම සඳහා වු අයදුම් පතෙහි හා ඉහත සඳහන් කොන්දේසි හා නියමයන්ට එකඟව නේවාසිකයන් සංචාරක නිවාසය තුළ විනීතව හා විනයගරුකව හැසිරීම නිරතුරුව අපේක්ෂා කරන අතර, රජයේ දේපළක් වන මෙය ආරක්ෂාකාරීව පරිහරණය කිරීම එහි නවාතැන් ගනු ලබන හැමගේ වගකීමකි.

04:1 මුදල් ගෙවීමෙන් අනතුරුව අනුමත කරන ලද අයදුම්පත්‍රෙය්(බලපත්‍රය) පිටපතක් නුවරඑළිය මැතිවරණ කාර්යාලයේ ඇති සංචාරක නිවාස වෙන් කිරීමේ ගොනුවට ඇතුළත් කිරීම සඳහා ලබා දිය යුතුය.

04:2 සංචාරක නිවාස ගාස්තුව රජයේ ආදායමට බැර කළ යුතුය. සංචාරක නිවාස භාරකරු වෙත ගෑස් හා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ගෙවනු ලබන ගාස්තු, බැංකු ගිණුමක් විවෘත කර එම ගිණුමට බැරකර යුතු අතර, අවශ්‍ය අවස්ථාවලදී සංචාරක නිවාසයේ නඩත්තු කටයුතු සඳහා වියදම් දැරීම එම බැංකු ගිණුම මඟින් සිදු කළ යුතුය

04:3 සංචාරක නිවාසය සඳහා වු ආදායම් හා වියදම් පිළිබඳව මාස තුනකට වරක් ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී විසින් විගණනය කළ යුතුය. ඉහත බැංකු ගිණුම මඟින් සිදු කර ඇති වියදම් පිළිබඳව එහි දී අවධානය යොමු කළ යුතුය

04:4 යම්කිසි හේතුවක් මත දැනට මෙම සංචාරක නිවාසය සම්බන්ධව පනවා ඇති කොන්දේසිවල සංශෝධනයක් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගනු ඇත

04:5 මෙම චක්‍රලේඛයේ උපදෙස් පිළිබඳව ඔබගේ අංශයේ / කාර්යාලයේ සියළු දෙනා දැනුවත් කිරීමට කටයුතු කරන්න.

අයදුම් පත්‍රය

අයදුම්පත බාගත කරන්න